අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව කලාපයේ මැදවච්චිය ප්‍රදේශයේ පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ. 100 වසරක කාලයක් තුළ අප පාසල සිසු සිසුවියන් බොහෝදෙනෙකුගේ නැණ නුවණ විවර කර ඇත. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.







