![]() |
![]() |
![]() |
නියං වී ඉරි හැලුණූ රජරට මහ පොළොව අස්වද්දන පිනිදිය කඳක් ලෙස සිප් කිරෙන් මානව දයාවෙන් යුතු උගත් දරු පරපුරක සිප් පිපාසය සන්සිදවන්නට ජාතික නිදහසේ අරුණලු වැටෙන සමයක ලද මහඟු දායාදයකි. ආණ්ඩුවේ පාඨශාලාව මැදවච්චිය. ඒ අනුව, 1922 ජුලි මස 12 දින මැදවච්චිය ආණ්ඩුවේ පාඨශාලාව නමින් මෙම විදුහල ආරම්භ කරන ලදී.
කඩවත් කෝරළයේ කෝරාල මහතාගේ මූලිකත්වයෙන් ඒ. අප්පුහාමි මහතා මුල් ගුරු තනතුරට පත් කරන ලදි. සිසුන් 31 දෙනෙකුගෙන් තාවකාලික ගොඩනැගිල්ලක ආරම්භ කළ මෙම විදුහල 1922.12.20 දින වැටක් බැඳ පන්ති කාමර දෙකක් බවට පත් කරමින් ඉගෙනුම් කටයුතු විධිමත් බවකින් යුතුව ඉටු කිරීමට ඔවුන් දෙපළ සමත් වී ඇත.
1923.05.07 වන දින ප්‍රථම උප ගුරුවරයා ලෙස ඩී. ඩ්බ්.මුණසිංහ මහතා පාසලට පත්වීමක් ලබා පැමිණීමත් 1924.03.03 දින ප්‍රථම උප ගුරුවරිය ලෙස ජී.ජී.ඩිංගිරි මැණිකේ මෙනවිය වැඩ භාර ගැනීමත් සමඟ පාසලේ අධ්‍යාපන කාර්යය තවත් විධිමත් කරලීමට ඉඩ ප්‍රස්තාව ලැබිණි.


