නියං වී ඉරි හැලුණූ රජරට මහ පොළොව අස්වද්දන පිනිදිය කඳක් ලෙස සිප් කිරෙන් මානව දයාවෙන් යුතු උගත් දරු පරපුරක සිප් පිපාසය සන්සිදවන්නට ජාතික නිදහසේ අරුණලු වැටෙන සමයක ලද මහඟු දායාදයකි. ආණ්ඩුවේ පාඨශාලාව මැදවච්චිය. ඒ අනුව, 1922 ජුලි මස 12 දින මැදවච්චිය ආණ්ඩුවේ පාඨශාලාව නමින් මෙම විදුහල ආරම්භ කරන ලදී.

කඩවත් කෝරළයේ කෝරාල මහතාගේ මූලිකත්වයෙන් ඒ. අප්පුහාමි මහතා මුල් ගුරු තනතුරට පත් කරන ලදි. සිසුන් 31 දෙනෙකුගෙන් තාවකාලික ගොඩනැගිල්ලක ආරම්භ කළ මෙම විදුහල 1922.12.20 දින වැටක් බැඳ පන්ති කාමර දෙකක් බවට පත් කරමින් ඉගෙනුම් කටයුතු විධිමත් බවකින් යුතුව ඉටු කිරීමට ඔවුන් දෙපළ සමත් වී ඇත.
1923.05.07 වන දින ප්‍රථම උප ගුරුවරයා ලෙස ඩී. ඩ්බ්.මුණසිංහ මහතා පාසලට පත්වීමක් ලබා පැමිණීමත් 1924.03.03 දින ප්‍රථම උප ගුරුවරිය ලෙස ජී.ජී.ඩිංගිරි මැණිකේ මෙනවිය වැඩ භාර ගැනීමත් සමඟ පාසලේ අධ්‍යාපන කාර්යය තවත් විධිමත් කරලීමට ඉඩ ප්‍රස්තාව ලැබිණි.
මෙතෙක් කාලයක් බාලක පාසලක්ව පැවැති මෙම පාසල 1924.03.01 දින සිට මිශ්‍ර පාසලක් ව බාලක බාලිකා දෙපක්ෂයටම නැණ නුවන් විවර කර දෙන ශිල්පායතනයක් විය.
එමෙන්ම පාසලේ අධ්‍යාපන කාර්යය විධිමත් කරලීම සඳහා පාසල් අධීක්ෂණය. කඩවත් කෝරළයේකෝරාළ විසින් සිදුකොට ඇති අතර වාර විභාග ද පවත්වා ඇත. පාසලේ ඉගැන්වීම් කටයුතුවල නිරත වනගුරුවරුන් නිවාඩු ලබා ගත් දිනවල මුල් ගුරුතුමා විසින් එම කටයුත්ත සඳහා ඉහළ ශ්‍රේණිවල සිසුන් යොදවාසිසු දරුවන්ට ශිල්ප ඥානය ලබා දීමට කටයුතු සලස්වා ඇත.
1924 වර්ෂය වන විට ප්‍රදේශය පුරා මැලේරියා රෝගය වසංගතයක් ව පැතිර ගිය අතර මුල් ගුරුතුමන් ට මෙන් ම සිසු දරු දැරියන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු සලසා ඇත.
1925 වර්ෂයේ මාර්තු මස 17 වන දින ඩී.බී.මුදියන්සේ මහතා මුල්ගුරු තනතුරට පත්ව ආ අතර 16 වැනි දින තවත් උපගුරු මහත්මියකගේ සේවය පාසලට ලැබී ඇත.
පාසලේ ගුරුභවතුන් සඳහා වැටුප් ගෙවීම් අනුරාධුපර කච්චේරිය මඟින් සිදු කෙරුණ අතර බ්‍රිතාන්‍යයට යටත් විජිතයේ සියලු පාසල් සේම මෙම පාසල ද එංගලන්තයේ මහ රජතුමා වු ජෝජ් රජුගේ උපන් දින සැමරුම් උත්සවය පවත්වා ඇත. එදින සිසු දරුවන් සතුටු කිරීමට තෑගී වශයෙන් ලේන්සු ප්‍රදානය කර ඇත.
වරිච්චි බිත්ති බැඳි ගොම මැටි ගා පිදුරු සෙවිලි කළ කුඩා ගෙපැලකින් සමන්විත වු මෙම පාඨශාලාවට 1928 වර්ෂයේ සැප්තැම්බර් මස 08 වන දින ස්ථිර ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීම සිදුකර, 1929 වසරේ ජනවාරි මස 14 වැනි දින එහි පාසල ස්ථාපනය කරන ලදී.
විධිමත් අධ්‍යාපන ක්‍රියාවලියක තවත් පියවරක් ලෙස ඉහළ මට්ටමේ අධීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කරමින් 1928 වර්ෂයේ මාර්තු මස පළමු වැනි දින අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් සහ පාසල් දිස්ත්‍රික් සාඨශාලා පරික්ෂකවරයෙක් ද පාසලට පැමිණ ඇත.ගුරුවරුන්ගේ කාර්යය භාරය විධිමත් කරවමින් 1929 සැප්තැම්බර් මස 24 වැනි දිනෙන් පසුව සටහන් සහ වාර සටහන් ද ක්‍රමානුකූලව පවත්වා ගෙන යනු ලැබිණිණි. භාෂා දැනුම සිසුන් තුළ ප්‍රගුණ කරලී ම සඳහා 1939 නොවැම්බර් මස 03 වන දින සිට ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස ඒ.ජේ.ඒ.හේරත් බංඩා මහතා පාසලට පත්කර ඇත.
සිසුන්ගේ පෝෂණය පිළිබඳ අවධානය යොමු කරමින් 1936 වසරේ දෙසැම්බර් මාසය ආරම්භ වෙද්දී පසු දරුවන් සඳහා දිවා ආහාරය ලබා දීම ආරම්භ කර ඇති අතර මෙම සුඛසාධක කාර්යයන් සමඟ ක්‍රමයෙන් ගුරු මණ්ඩලය සහ ශිෂ්‍ය සංඛ්‍යාව ද පුළුල් වී ඇත.
1945 ජූනි මාසයේ 29 වැනි දිනය එළැඹෙද්දී සිසුන් අතුරින් 11 දෙනෙකු සතුව බැංකු පොත් පැවැති අතර කැන්පත් මුදල රුපියල් දෙසීයකි. පාසල් අතර අන්තර් සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ද දැනුම බෙදා ගනිමින් ද 1957 වර්ෂයේ ජූනි මස 26 වැනි දින ප්‍රථම වරට මෙම විද්‍යාලයේ සිසුන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සහ තවත් විද්‍යාල කිහිපයක් සමඟ තරගයකට ඉදිරිපත් වී ඇත.
විද්‍යාලයේ පහසුකම් වර්ධනය කරමින් 1959 ඔක්තෝබර් මස 05 වන දින විද්‍යාලය තුළ සමූපකාරයක් ස්ථාපිත කරන ලදී.
1961 වසරේ මැයි මස 03 වැනි දින බාලදක්ෂ කණ්ඩායමක් ද ආරම්භ කෙරිණි. එම විසරේ ම මැයි මස 24 වන දින දරුවන්ට විද්‍යා අධ්‍යාපනය ලබා දීමේ මාර්ගය විවර කරලීමට විද්‍යාගාරයක් ලබා දෙන ලද්දේ ය.
1961 නොවැම්බර් මස එළඹෙද්දි පාසල් ශිෂ්‍ය හට අනුකණ්ඩයක් පිහිටුවන ලදී. 1965 ඔක්තෝම්බර් මාසයේ 20 වැනි දින ක්‍රීඩා ක්ෂේත්‍රයේ විවිධත්වයක් පෙන්වමින් මල්ලව පොර කණ්ඩායමක් ද බිහිකරන ලදී. මේ වන විට පාසලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 520 දක්වා ඉහළ ගොස් තිබේ.
1967 සැප්තැම්බර් මාසය වන විට පහළ බාලාංශයේ සිට උසස් පෙළ දක්වා පන්ති පැවැක්විණි. එම වසරේ සිසුන් 09 දෙනෙකු කලා අංශයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා පෙනී සිට ඇති අතර එයින් 04 දෙනෙකු සමත්ව 03 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශ වරම් ලැබූහ. විශේෂයෙන් පාසල් දැරියන්ගේ ගහ ආර්ථික පාලන කුසලතා ලබාදීම සඳහා 1968 පෙබරවාරි මස 24 වන දින විද්‍යාලයට ගෘහ විද්‍යාගාරයක් ලැබී තිබේ.
දරුවන්ගේ කියවීමේ රුචිය වැඩිදියුණු කිරීමේ අපේක්ෂාවෙන් 1968 නොවැම්බර් 22 දින විද්‍යාලපුස්තකාලය ආරම්භ කරන ලදී.
1969 වසරේ දී විචිත්‍රවත් වූ නිවාසාන්තර තරගයක් සංවිධානය කරන ලද්දේ ය. හංස, මයුර, පරවිලෙසින් නිවාස තුනක් පිහිටුවා ක්‍රීඩා උළෙල පවත්වනු ලැබීය.
විද්‍යාලයීය අනන්‍යතාව විද්‍යාමාන වන අයුරින් 1969 වසරේ ජූලි මස 20 දින විද්‍යාලයීය ධජයක් නිර්මාණය
1971 වසරේ ජූලි මාසයේ 24 වැනි දින උසස් පෙළ අංශය පුළුල් කරමින් ප්‍රදේශයේ දරුවන්ට ද දිවයිනේ කළමනාකරණ ක්ෂේත්‍රයට පිවිසීමේ වරම් ලබා දෙඹින් වාණිජ අංශය පිහිටුවන ලදී. එමෙන් ම වඩාත්
පෝෂ්‍යදායී ආහාර විද්‍යාලය තුළින් ම ලබා දීමේ අරමුණින් ආපන ශාලාවක් ද ස්ථාපිත කෙරිණි. ඒ 1971 වසරේ ජුලි මස 27 වැනි දින දී ය. 1972 වසරේ දී ක්‍රමයෙන් ප්‍රගතියට පත්වෙන විදුහලේ සියලුම අංශයන්හි කළමනාකරණය ක්‍රමවත් කිරීමේ අරමුණින් විෂය පදනම් කරගත් අංශ ප්‍රධානීන් පත් කරන ලදී. මේ අනුව 1972 මාර්තු මස 23 දින භාෂාව සහ ආගම, ගණිතය, විද්‍යාව, සමාජ විද්‍යා විෂයන්, වාණිජ මෙන් ම ක්‍රීඩා අංශ සඳහා අංශ ප්‍රධානීන් පත්කරනු ලැබීය.
1974 පෙබරවාරි මස 28 වැනි දින වන විට විද්‍යාලය තුළ ගුරු මණ්ඩලය 36 දෙනෙකුගෙන් සැදුම් ලද්දේ ය. මේ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව ද 1072 දක්වා ඉහළ නැග තිබිණි. ජාතික ඉතිරි කිරීමේ බැංකු ගිණුම් අංක 4431167 යටතේ විද්‍යාලයීය පහසුකම් හා සේවා ගාස්තු තැන්පත් කරනු ලැබී ය.
නිදහස් අධ්‍යාපනයේ වර ප්‍රසාදයක් ලෙස ලබා ගන්නා පෙළ පොත්වල අගය වටහා දෙමින් එවකට පැවැති රජයේ සංකල්පයක් මත පෙළ පොත් බෙදා දීමේ ප්‍රාදේශීය උත්සවය 1980 ජනවාරි මස 18 දින සිදුකරඇත. 1986 අප්‍රේල් මස 03 වැනි දින "හේලිගේ ධුම කේතුව" නිරීක්ෂණය සඳහා විද්‍යාලයෙන් විද්‍යා අංශයේසහයෝගය ඇතිව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය මඟින් කඳවුරක් පවත්වා ඇත. 1987 අප්‍රේල් 30 දින මෙම විදුහල් මාතාවට ඓතිහාසික දිනයක් උදා විය. එනම් සී.ඩබ්ලියු.ඩබ්ලියූ. කන්නන්ගර මැතිතුමාගේ උදාර සංකල්පයට අනුව මෙම පාසල මධ්‍ය මහා විද්‍යාලයක් බවට උසස් කොටඇත.
නිපුණතා සපිරි නව ලොවකට උචිත සිසු පිරිසක් බිහි කිරීමට අත්වැලක් සපයමින් 1995.00.06, දින පිට අංශ වලට බෙදා උදෑසන රැස්වීම පවත්වා ඇත.
මේ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව දෙදහස ඉක්මවා යමින් තිබූ අතර පාසලේ ප්‍රාථමික අංශය දියුණු කිරීම සඳහා එම අංශය වෙන්ව පවත්වා ගැනීමට අවශ්‍ය විය. මේ සඳහා මන්නාරම් පාරේ අක්කර 05ක හම් භාගයක් වෙන් කර තිබු අතර 1996 මාර්තු මස 29 දින එහි දෙමහල් ගොඩනැගිල්ලක් සෑදීම සඳහා මුල්ගල තැබීම ද සිදුකර ඇත. එහි ඉදිකළ වෙනත් ගොඩනැගිල්ලක වසරෙන් වසර අධ්‍යාපන හා විෂය සමගාමී කටයුතුවල දී ප්‍රගතිය පෙන්වන මෙම විද්‍යාලය, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන වර්ගීකරණයේ ඉහළමු මට්ටම වන ජාතික පාසල්
තත්ත්වය හිමිකර ගත්තේ 1996 ජුනි මස 12 දින වේ.
1922 වර්ෂයේ දී මැදවච්චිය සිංහල පාසල නමින් ආරම්භ වූ මෙම විද්‍යාලය 1997 සැප්තැම්බර් 14 දින අමෛත්‍රිපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලය ලෙස නම් කර ඇත. එම අවස්ථාවේ දී විද්‍යාලයීය නාමි සිට පුවරුව නිරාවරණය කිරීම ද ප්‍රදේශයට විශාල කැපකිරීමක් කළ ශ්‍රේෂ්ඨ දේශපාලකඥ ගරු මෛත්‍රීපාල සේනානායක ශ්‍රීමතානන්ට උපහාර දැක්වීමක් ද අති උත්කර්ෂවත් ලෙස පවත්වා තිබේ.
ක්‍රීඩා අංශයේ විශිෂ්ට ඵල ලබා ගනිමින් එච්.ජී. ඉකෝකා චතුරංගනී දියණිය සමස්ත ලංකාය මීටර් 800 අනුශූරතාවය ලබා රිදී පදක්කමක් ලබමින් විද්‍යාලය ජාතික කාලයට රැගෙන ගියා ය. එහි ඓතිහාසික දිනය. ලෙස 1999.05.18 දින සටකන්ව ඇත.
1999 ඔක්තෝබර් 29 දින නව බුදු මැදුරක් සඳහා අත්තිවාරම දැමීම සිදු කර ඇත. විද්‍යාලයේ විෂය සමගාමී කටයුතුවල ප්‍රගමනයක් ඇති කරමින් 2000.07.26 දින සමස්ත ලංකා රාජ්‍ය නාට්‍ය උළෙලේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වී ඇත. "කම්මැලියා ගොන් අලියා" නැමැති නාට්‍යය විද්‍යාලයීය සිසුන්ගේ නාට්‍ය හා රංග කලා හැකියාවන් ඔප් නැංවු සංධිස්ථානයක් ලෙස සැළකිය හැකිය.
පරිගණක විෂය ඉගැන්වීම් කටයුතු 2000 ඔක්තෝබර් 04 වන දින සිට ආරම්භ කිරීම හාදරුවන් තුළ සදාචාරාත්මක හා අධ්‍යාත්මික ගුණ වගාවන් දියුණු කරලීම සඳහා නව බුදු මැදුර ආගමික වතාවත් සඳහා විවෘත කර ඇත්තේ ද 2000 ඔක්තෝබර් මස 04 දිනය.
2003 පෙබරවාරි මස 1 දින රජය මඟින් ප්‍රකාශයට පත් කළ චක්‍රලේඛය අනුව සාමයේ වැදගත්කම පිළිබඳව අගනා වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. ජාතික ධජය හා පාසල් ධජය ඔසවා ජාතික ගීය ගයා ආගමික නායකයින් ලවා සාමයේ වැදගත්කම පිළිබඳව සරල හා කාලීන දේශනා පවත්වා සිසුන්ට එවකට පැවැති දුෂ්කර කාල වකවානුවේ දී වුව ද අන්යයන්ට ගරු කිරීම ඇතුළු සාරධර්ම ඉගෙනීමට සලසා ඇත. 2003 සැප්තැම්බර් මස 22 වන දින ද සාම දින වැඩසටහනක් පවත්වා ඇති බවට තොරතුරු ඇත.
දිස්ත්‍රික් කිහිපයක පැවැති ගංවතුර තත්ත්වය නිසා සහනාධාර සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක තර ඇති අතර පාසල් දරුවන් රැස් කළ සහනාධාර අවතැන් වූවන් ට ලබා දීම සඳහා 2003 ජූනි මස10 දින අනුරාධපුර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.
උදාර විදුහල්පති හා හොඳම පාසල තේරීමේ වැඩ සටහනකට සහභාගි වී ත්‍යාග දිනා ගැනීම ද කැපී පෙනෙන සිදුවීමකි. 2014.02.10 දින "GLOBE" ජාත්‍යන්තර පරිසර වැඩසටහන සඳහා මෙම විද්‍යාලය තෝරා ගත් බව දන්වා එවා ඇත.
2004 ජුලි 21 දින 7 ශ්‍රේණියේ සිසුන් සඳහා වැඩි හිටි පිටගැස්ම, ගලපටල එන්නත ලබා දීමට මැදවච්චිය මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් කටයුතු කර ඇත.
සිංහල හා හින්දු අලුත් අවුරුදු උළෙල සංකේතවත් කරමින් 1- 5 ශ්‍රේණිවල දරුවන්ගේ හා දෙව්පියන්ගේසහභාගීත්වයෙන් 2005 අප්‍රේල් මස 29 දින අවුරුදු උත්සවයක් පවත්වා ඇත. එතැන් සිට වාර්ෂිකව මෙම උත්සවය පැවැත් වේ.
2005.10.24 දින සිට ආරම්භ වූ සතිය "ඉංග්‍රීසි භාෂා සතිය" ලෙස නම් කර ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් උදෑසන රැස්වීමට විශේෂාංග එක්රැස්කර ඇති අතර මේ ක්‍රියාමාර්ගය සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කර ගැනීමට පිටිවහලක් විය.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ "මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක් මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති තනතුර " ශීර්ෂ සහිත ලිපියට අදාළව එම්.ජී.අමරවංශ මහතා (වත්මන් විදුහල්පති) වැඩභාර ගෙන ඇත්තේ 2006 ජනවාරි මස 19 වෙනි දින ය. වත්මන් විදුහල්පති තනතුර හොබවන ඔහු සෑම විටම විද්‍යාලයේ දියුණුව පතා ක්‍රියාත්මක වන පුද්ගලයෙකි.
KO වර්‍ගයේ හල් අර්‍ධයක දිනය වූ 20089 s5 sස 08 දින ජාතික මට්ටන් සංවිධානය කළ
ලගත් ගෙත් විස්කම්" නමින් ඔහු භිපුණතා ප්‍රදර්ශනයක් සහ විවිධ ප්‍රසංගයක් පවත්වා ඇත්තේ 2010
pudජම්බට් sස 18 වන දිනයේදී ය
මහින්දාගමනය කරනු පිණිත විද්‍යාලයීය සෞන්දර්‍යය අංශය එක්ව 2011 ජූනි මස 14 දින පොසොන් ගැන් ගේ ගගණග" GTT බැති ගී ප්‍රසංගයක් පවක්වා ඇත, අධ්‍යාBO අKW1Rb=20ශයේ මෙහෙයවීමෙන් 2012 ඔක්තෝබර් මස 06 දින පැවැති "ගුරු ප්‍රතිභා ප්‍රභා
ප්‍රෙම උත්සවයේ දී විද්‍යාලය ඇගයීමකට ලක් වූයේ වත්මන් විදුහල්පති, කැබිතිගොල්ලෑව අධ්‍යාපනකාලහයේ හොඳම විදුහල්පති බවට පත් කරමිනි. මේ අවස්ථාවේ දී බී.එන්.එම්.විජේතුංග සමන්ත ජයවර්ධන2O රුභවතුන් ද ඇගයීම කට පාත්‍ර වීම සුවිශේෂිව සඳහන් කළ යුතු ය. සම්පත් සපිරි මඟින්දෝදය පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන යටතේ මෙම විද්‍යාලය ද පාසල් 1000 ව්‍යාපෘතියට ඇතුළත් කොට සංවර්ධනය සිදු කිරීමට ගෙන ඇති තීරණය 2013 මැයි මස 26 දින එවකට අධ්‍යාපන ඇමති ගරු බන්දුල ගුණවර්ධන මහතා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී ප්‍රකාශයට පත්කළ අතර විද්‍යාලයීය ලොග් සටහන් පොතේ ඒ පිළිබඳව සටහනක් ද තබන්නේ ය.
මෙතෙක් විද්‍යාලයට ප්‍රබල අඩුපාඩුවක්ව පැවති බටහිර තූර්ය වාදන ඛණ්ඩය සඳහා උපකරණ ලබා ගැනීමට ගුරුභවතුන් තම කුසලතා ඇතුළත් ප්‍රසංගයක් " ඇදුරු ස්වර මියැසිය" නමින් පවක්වා ලැබුණු ආදායම් විද්‍යාලයට පිරිනමා ඇත. එහෙත් මෙම ප්‍රසංගය පැවැති 2014 මැයි මස 30 දින එම අවස්ථාවට සහභාගි වු එවකට අධ්‍යාපන සේවා අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මහතා එහි උපකරණ සියල්ලම සම අමාතසංශය මඟින් කඩිනමින් ලබා දෙන බවට පොරොන්දු වූයේ යට
එම පොරොන්දු ඉටු කරමින් එම භාණ්ඩ රැගෙන යාට අධ්‍යාපන අමාත්‍යාංශ ගබඩාවට පැමිණෙන ලෙස දන්වා ලිපියක් මිළඟ දිනයේ ම විද්‍යාලයට ලැබීම විස්මය දනවන කරුණක් විය.
ගරු ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මැතිතුමාගේ මූලිකත්වයෙන් මහින්දෝදය තාක්ෂණ පීඨයට මුල්ගල තැබීම සිදු වූයේ 2014 ජූනි මස (19 දිනයි.
2015 වර්ෂයේ “ගුරු ප්‍රතිභා ප්‍රභා" ප්‍රණාම උත්සවයේ දී කැබිතිගොල්ලෑව කලාපයේ හොඳම විදුහල්පතිවරයා ලෙස එම්.ජී.අමරවංශ මහතා ද හොඳම ගුරුවරිය ලෙස සහකාර විදුහල්පති පී.ඩී.ප්‍රනාන්දු මහත්මිය ද අදාළ අලක ලබා ගැනීම 2015 ඔක්තෝබර් 05 දින සිදුවන්නේ ය. මෙහි ප්‍රධාන අමුත්තා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ය. තව ද ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ජ්‍යෙෂ්ඨතාව හා කුලසලතාව පදනමින් ඉත්මන් විදුහල්පති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට උසස් වීමට අදාළව වැඩභාර ගැනීම 2015 ජූනි මස 10 දින සිදු වී ඇත. පාසල් 1000 ව්‍යාපෘතිය යටතේ තෝරා ගත් විදුහල්පතිවරුන් 100 දෙනෙකුට පමණක් ලබාදුන් විදේශ පුහුණුව ලැබීම සඳහා ඔහු විදේශ ගත වන්නේ 2015 වසරේ නොවැම්බර් මස 06 දිනයි.
2016 පෙබරවාරි මස 23 මහින්දෝදය තාක්ෂණ පීඨය හා තාක්ෂණ විද්‍යාගාරය පළාත් පාලන අමාන්‍ය පේෂල ජයරත්න මැතිතුමා විසින් සිසු අයිතියට පවරන ලදී.
2016 මාර්තු මස 10 දින ජාත්‍යන්තර වකුගඩු දිනය අමෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ දි පවත්වන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කරන ලදී.
1922 දී ආරම්භ වී 1996.06.06 වනදින අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශයට අනුව ජාතික පාසලක් ලෙස නම් කරන ලද මෙම පාසල ශ්‍රී ලංකාවේ අනෙකුත් පාසල් අතර අධ්‍යාපන හා විෂය සමගාමී කටයුතුවල අද්වීතීය නාමයක් හිමිකර ගෙන තිබේ. මේ වන විට සමාජයට විවිධ ක්ෂේත්‍ර සඳහා විද්වතුන් රැසක් බිහිකරමින් ප්‍රදේශයේ පාසල් අතර හදවත ලෙස කිරුළ පැළඳ ගැමි ගොවි දූ පුතුන් හට සෙවණ සලසමින් දිනෙන් දින ප්‍රගමනයට පත්වනු නිසා ය.
" ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ විශේෂ අධ්‍යාපන ඒකකය, උසස් පෙළ විද්‍යාගාරය, සාමාන්‍ය පෙළ විද්‍යාගාරය, 9 ශ්‍රේණිය පවත්වන දෙමහල් ගොඩනැගිල්ල ආදිය අලුත්වැඩියා කිරීමට හා නව දෙමහල් විදුහල්පති නිල නිවස හා දෙමහල් ගුරුසාද නිවාසය ඉඳිකිරීමට සැලසුම් සකස් කළේ 2017 වසරේ මුල් කාර්තුවේදී ය.
ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රීඩා පිටි 100 ක් සංවර්ධනය කිරීමේ යෝජනා වැඩ සටහන යටතේ විද්‍යාලයීය ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමට යෝජනා කරන ලද්දේ 2017 වසරේ අග භාගයේ දී ය. එපමණක් නොව නව ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයක් ඉදිකිරීමට අදාළව ප්‍රතිපාදන ලබා ගැනීමට අවශ්‍ය ඇස්තමේන්තු මේ වන විටත් සකස් කර අදාළ ස්ථාන වෙත යොමු කර තිබේ.
තව ද 2018 වසර ආරම්භයේ දී 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන සඳහා සුහුරු පන්ති කාමර 05 ක් විද්‍යාලයේ ඉදි කිරීමට 2017 වසරේ දී මෙම විද්‍යාලය තෝරා ගෙන ඇත.
මීට අමතරව පාසලේ ප්‍රධාන ගේට්ටුව අසල සිට විහිදෙන අභ්‍යන්තර මාර්ගයේ අන්තර් සම්බන්ධිත ගල් ඇතිරීම, ප්‍රදේශයට ම පිරිපහදු කළ පානීය ජලය සපයන වගා ළිඳ ව්‍යාපෘතිය, තිරසර පරිසර වැඩසටහන, කාබනික පොහොර යෙදු ගොවිපළ, පාසලට ප්‍රවාහන මාධ්‍යයක් ලබා ගැනීමට සිදු කළ “ප්‍රවරංගා ගුරු නිපුණතාප්‍රසංගය" ආදිය මෙම වසර තුළ සිදු වූ ඓතිහාසික වශයෙන් වටිනාකමක් ගෙනෙන සිදුවීම් ය.
2018 වර්මය මුල් භාගයේ දී සුරක්ෂා වැඩසටහනේ ප්‍රතිලාභ පිළිබඳව සිසුන් හා දෙමාපියන් දැනුවත් 2රන ලදී. එසේ ම අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය, මඟින්, "ඡන්දයක වටිනාකම” යන මාතෘකාව eරදැරි කර ගෙන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහසාගේ සහභාගිත්වයෙන් වැඩසටහනක් පවත්වන ලදි.
නව ද 2017 වර්ෂයේ ඇස්තමේන්තු ගත කළ විද්‍යාලයේ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ ඉදිකිරීම් ආරම්භකිරීම සඳහා සුදුසු බිත ප්‍රදේශය තාක්ෂණ නිලධාරීන්ගේ නිරක්ෂණයට භාජනය කොට කණ්ඩායම දැනුම්වත් කිරීම සිදු වී ඉන්පසු ඉදි කිරීම් ආරම්භ කරන ලදි. අන්තර් පාඨශාලයීය සමස්ත ලංකා ප්‍රෝබෝල් තරගාවලියේ දී 20 න් පහළ බාලක C කණ්ඩායම අනුශූරතාවය දිනා ගන්නා ලදි.
තව ද අප පාසල තුළ ශිෂ්‍ය නායක නිපුණතා වැඩමුළුවක් ඔක්තෝබර් මස 12, 13, 14 යන තෙදින තුළ ක්‍රියාත්මක කරන ලදි.
මානව සම්පත් කළමනාකරණ වැඩ සටහන යටතේ අප පාසලේ ගුරු සංවර්ධනය උදෙසා කුලසිංහ ජලාශය නැරඹීම හා එයට සමගාමීව රුක් රෝපණ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලදී.
|
ආරම්භ කළ වර්ෂය |
1940 දෙසැම්බර් 10 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්. ඒ. ජයසේන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කදුරට මධ්‍යම මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1940 දෙසැම්බර් 10 දින |