
මෙත්සෙන් සේනානා නමිනී
නැණ එළි විහිදේවා
මැදවච්චිය මැදි විදුමව්නී
සිරිලක බැබලේවා
කිත් යස වඩවා සුදිලේවා නිති
හැමකල් සව්සිරිනී
වැජඹේවා
අප විදුහල් මව්නී
නමදිමු පාද කමල්
සුරකිමු ඔබ මනකල්
හිඳ ඔබ තුරුලේ සිසු අප පෙමිනේ
සනසමු ලක් මව ලැබ ගුණ නුවණේ
ඔබ අප අනුප්‍රාණේ
විදුමව් රකිමු අපි
බස රැස නඟා නිතී